Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය කෙටුම්පත අද, පාර්ලිමේන්තුවට

ආණ්ඩුවේ අයවැය කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය. ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related posts

Group of Parliamentarians led by Speaker to visit Kandy

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Indo-Lanka series decider tomorrow

Mohamed Dilsad

Leave a Comment