Trending Newsඑසැන පුවත්දේශීය

කොටුව මහෙස්ත්‍රාත්ගේ නියෝගය ට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සුජීව සේනසිංහ මහතා සිය පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ලබන 05 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිතාසිය ලබාගෙන තිබෙන්නේ වැරදි සහගත කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අදාළ සිතාසිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සුජීව සේනසිංහ මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

Price of gas to increase, milk powder price to be reduced

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Min. Arjuna Ranathunga speaks about JO’s acting leader

Mohamed Dilsad

Leave a Comment