Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

තව සති දෙකකින් සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නෑ සති දෙකක් දෙන්න’ යයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. හෝමාගමදී පැවති ජාතික ජන බලවේග සුහද හමුවට එක්වෙමින් ඒ මහතා මෙම එසේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. “අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ.

ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා. මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි. ඉවට කියන්න සිදුවෙලා තියෙනවා.

රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න.”

Related posts

Election Commission to hold talks with Facebook

Mohamed Dilsad

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

Emma Watson talks about struggles with fame as child artist

Mohamed Dilsad

Leave a Comment