Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දුම්කොළ සමාගමේ ලාබය සියයට 400%කි න් ඉහළට

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රජයට අහිමිවී ඇතැයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද  සේරම් මහතා පවසන්නේ මෙසේ ද සඳහන් කළේය. ” බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම්වැටි අළෙවිය සියයට 50%කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගිහින්. 2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්… ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා… භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර මිලියන 8.3කින් භාවිතය අඩු වුණා. දුම්වැටි ඒකක මිලියන 521.5කින් අඩු වුණා. මේ සමස්ත බදු වැඩිකිරීම තුළ දුම්කොළ සමාගමට රු මිලියන 7,000ක විතර අමතර ලාභයක් ලැබිලා තිබෙනවා. මේ වෙන්නේ බදු වැඩි කිරීම තුළින් මිලක් තබාගන්න ඉඩක් ලැබෙනවා.

“මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙනවා. 2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා. සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා. හැබැයි අපිට උගන්වලා තියෙන්නේ මේ බදු නැත්තම් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවලා ඉවරයි වගේ කතා. ඔක්කොම බොරු. පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය කරපු නැති නිසා අපිට රු. බිලියන 100ක් විතර අහිමි වුණා.” යැයි ද කීවේය.

Related posts

ලංකා සතොසට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක් – මුළු මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

பாராளுமன்ற தெரிவுக் குழு இன்று கூடுகிறது

Mohamed Dilsad

Leave a Comment