Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ටිකක් අසීරුයි – ජනාධිපති

මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම ඒ බව කීවේය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. “අර්ජුන මහේන්ද්‍රන් කැඳවාගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැමවෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගෙ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා. මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැමවෙලාවෙම තමන්ගෙ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා”

Related posts

Sri Lanka to bring down China suppliers to end canned fish issue, Minister Rishad Bathiudeen says Lankan import standards revised

Mohamed Dilsad

Notorious underworld member ‘Cheeti’ arrested by STF

Mohamed Dilsad

பிரபல பாடகர் இவ்வுலகை விட்டு பிரிந்தார்

Mohamed Dilsad

Leave a Comment