Trending Newsඑසැන පුවත්දේශීය

හෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.

හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. ජනවාරි 12 වනදා හෝමාගම ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 45ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම සභික ධුර 55ක් දිනාගෙන ඇති බව සඳහන්.

මෙම සමූපකාර නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින්, ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් ඔවුන් පරාජයට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි. එසේම පසුගිය මහමැතිවරණයේදී හෝමාගම ආසනය ජාජබ ජයග්‍රහණය කර තිබුණේ 75.04%ක තරම් ඉහළ ප්‍රතිශතයක් ලබාගනිමින් වීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි.

මීට පෙර කැළණිය, අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.

Related posts

கண்டி மாவட்டத்தில் குடிநீர் வழங்கல் திட்டம் பொது மக்களின் பாவனைக்கு

Mohamed Dilsad

කොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වල

Mohamed Dilsad

රතන හිමියෝ නතර වෙති

Editor O

Leave a Comment