Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මද්‍යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීමේ වැඩි වාසිය අදාළ සමාගම්වලට – ඇඩික් ආයතනය කියයි.

මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් වන හානිය අවම කිරීමට, සුරා බදු වැඩි කිරීම රටට වාසිදායක තත්ත්වයක් බව, ඇඩික් ආයතනය සඳහන් කරයි. සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් ඇඩික් ආයතනය මේ බව සඳහන් කරයි.

පසුගිය වසරේදී සිදු වූ 20% කින් සුරාබදු වැඩි වීම තුළින් මද්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 8.3කින් (ශුද්ධ මද්‍යසාර) අඩු වී රජයේ මද්‍යසාර සුරා බදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි වී ඇති බවත්, සිගරට් වලින් රජය ලබා ගන්නා සුරා බදු ආදායම රුපියල් බිලියන 7.7 කින් වැඩි වී සිගරටි අලෙවිය රුපියල් මිලියන 521.5 කින් අඩු වීමත් ජයග්‍රහණයක් බවද ඇඩික් ආයතනය පෙන්වා දෙයි.

මත්පැන් සහ දුම්වැටි සඳහා බදු වැඩි කරන විට,  රාජ්‍ය රාබදු ආදායම වැඩි වෙන අතර භාවිතයද අඩුවේ. එමගින් සෞඛ්‍ය ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවකට සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන බවද ඇඩික් ආයතනය පෙන්වා දෙයි.

සුරා බදු වැඩි කිරීම රටට, සෑම අතින්ම වාසි සහගත තත්ත්වයක් වුණත්, සුරා බදු වැඩි කිරීමේදී එය විද්‍යාත්මක බදු ක්‍රමවේදයක් මත සිදු කළ යුතු බවද ඇඩික් ආයතනය පෙන්වා දෙයි.

2009 වනතුරු සිගරට් සදහා සුරාබදු අයකිරීමේදී සම්පූර්ණ වාසිය හෝ ඉතාම වැඩි වාසියක් ලබා ගත්තේ රජයයි. සුරාබදු තීරණය කිරීමේදී වෙළඳපොළ, ඉල්ලුම, උද්දමනය සහ මිල නම්‍යතාවය සලකා බලා උපරිම බදු වැඩි කිරීම එකල සිදුවූ බවද ඇඩික් ආයතනය සඳහන් කරයි. කෙසේ නමුත්, මෙවර බදු වැඩි කිරීමේ, වාසියෙන් වැඩි ප්‍රතිශතයක් දුම්කොළ සමාගම ලබා ගෙන ඇති බවද ඇඩික් ආයතනය සඳහන් කරයි.

වෙළඳපොළ තුළ වැඩිම අලෙවියක් ඇති සිගරට් කණ්ඩයේ සුරා බදු වැඩීවී තිබෙන්නේ රුපියල් 4.51 කිනි. නමුත් එහි මිල රුපියල් 10 කින් වැඩි කර ඇත. නිවැරැදි බදු අය කිරීමේ ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත කර නොමැති නිසා මෙවර සිගරැට් බදු වැඩි කිරීමෙන්ද සිගරට් කර්මාන්තය වාසිය අත්කර ගෙන ඇත. මෙම බදු වැඩිකිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාබය රුපියල් මිලියන 7000කට අධික වනු ඇතැයි ඇඩික් ආයතනය සඳහන් කරයි.

Related posts

President visits Japan to further strengthen Japan – Sri Lanka ties

Mohamed Dilsad

பாகிஸ்தான் முதலீட்டாளர்கள் ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

பாகிஸ்தான் குடியரசு தின நிகழ்வில் பிரதம அதிதியாக கலந்துகொள்ள ஜனாதிபதி இன்று பாகிஸ்தான் விஜயம்

Mohamed Dilsad

Leave a Comment