Trending Newsඑසැන පුවත්දේශීය

සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව

මේ වසරේ සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ ළිපි ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් වැරැදි ලෙස ගණනය කර ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව පවසයි.

ගැටලුකාරී නැකැත් හතර සංශෝධනය කර විකල්ප නැකැත් සීට්ටුවක් ඉදිරිපත් නොකරන්නේ නම් මානව හිමිකම් කොමිසම හා අධිකරණය හමුවට යන බව එම කමිටුව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්මියට ලිඛිතව දැනුම් දී තිබේ.

ජ්‍යොතිෂය පිළිබඳ දැනුම ඇති නව නැකැත් මණ්ඩලයක් පත් කිරීමට පසුගිය වසර කිහිපය තුළ තම සංගමය යෝජනා ලබා දී ඇතත් පැරැණි සාමාජිකයන් යොදාගෙන 2025 නැකැත් සීට්ටුව සකස් කිරීමෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයිද ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව සඳහන් කරයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට නව නැකැත් මණ්ඩලයක් පත්කිරීමට පසුගිය වසරේ අප්‍රේල් සිට කාලය තිබූ නමුත් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ දක්වා නව නැකැත් මණ්ඩලයක් පත්කර නැතැයිද එම සංගමයේ ජාතික සංවිධායක රවිශංක සේනානායක පැවසීය.

පැරැණි නැකැත් මණ්ඩලය 2024 අලුත් අවුරුදු සීට්ටුව රාත්‍රි කාලය යෙදෙන පරිදි සකස් කර තිබූ බවත් එම වසරේ වෙසක් පොහොය මෙන් ම ඇසළ පොහොය සිල් දිනයද වරදවා ගණනය කර තිබූ බවත් ජාතික සංවිධායකවරයා කීය.

දැනට විසුරුවා හැර ඇති සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව මෙවර ලංකා පංචාංග ලිතේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර ප්‍රසිද්ධ කර තිබෙන බවත් වැරැදි නැකැත් සීට්ටුව ඇතුළත් ලිත් දැනට රට පුරා විකිණෙමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

Bail for one suspect in Hambantota case

Mohamed Dilsad

Tamim returns home, faces possibility of missing Zimbabwe series

Mohamed Dilsad

இரு மாடி கட்டிடத்தில் இன்று காலை தீ பரவல்

Mohamed Dilsad

Leave a Comment