Trending Newsඑසැන පුවත්දේශීය

බාහිර පාර්ශ්වයන් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට බඳවා ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට – පාර්ලිමේන්තු ඉහළ නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක්

පාර්ලිමේන්තුවේ තනතුරුවලට බාහිරෙන් බඳවා ඉහළ නිලධාරීන් ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරි තනතුරු පිරවීම කෙරුණේ දැනට සේවය කරන නිලධාරින් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.

මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති. පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට මෙසේ බඳවා ගැනීමට යන බව පැවසෙන්නේ රජයේ පරිපාලන සේවයෙනි.

පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත’ පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තා වේ. මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.

Related posts

கென்யாவில் இடம்பெறும் ஐ.நா.சுற்றாடல் மாநாட்டில் ஜனாதிபதி விசேட உரை

Mohamed Dilsad

හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Harden sets new NBA scoring record

Mohamed Dilsad

Leave a Comment