Trending Newsඑසැන පුවත්දේශීය

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මේ වන විටත් ජනාධිපතිවරණයේ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ නම් පොලිසියට ලබා දී ඇති අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ඒ අනුව මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන ලෙස කළ දැනුම් දීමට අනුව එලෙස වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වල ප්‍රදර්ශනය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

Related posts

வட இந்தியாவை தாக்கிய சூறாவளியில் 40பேர் பலி

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: Trump offers “Heartfelt condolences”

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

Mohamed Dilsad

Leave a Comment