Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ වැය බර ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

Related posts

රිමාන්ඩ් කර සිටි ⁣හිටපු අතිරේක රස පරීක්ෂකට ඇප

Editor O

பாதிக்கப்பட்ட 25 ஆயிரம் மாணவர்களுக்கு நிவாரணப் பொதி

Mohamed Dilsad

Fowzie to sue TV channel for distorted reporting

Mohamed Dilsad

Leave a Comment