Trending Newsඑසැන පුවත්දේශීය

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

බස් රථවලින් කප්පම් ලබා ගැනීම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

රුපියල් 100, 200 වශයෙන් පැවැති දෛනික කප්පම් මුදල් ප්‍රමාණය මේ වන විට රුපියල් 500 හා රුපියල් 1000 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්ත මහතා සඳහන් කළේය.

බස් නැවතුම් පොළවල සිටින ඇතැම් වෙලාව සටහන් කරුවන් බස් රථ ගමන් ආරම්භ කරන අවස්ථාවෙහිදී බස් රථවලින් මුදල් ලබා ගනිමින් තිබෙන බවද හෙතෙම පැවසීය.

බස් නැවතුම්පොළවල් ආසන්නව සිටින බාහිර පුද්ගලයන් විසින් ද බස් රථවලින් කප්පම් මුදල් ලබා ගනිමින් තිබෙන බවත් මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට දිවයින පුරාම ධාවනය වන බස් රථවලින් දිනකට ආසන්න වශයෙන් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් මුදල් වශයෙන් අයකර ගන්නා බවට තොරතරු ලැබී තිබෙන බවද පැවසීය.

කෙටි ගමන් සේවා බස් රථ සැලකීමේදී උදේ කාලයේදී එක් වෙලාව සටහන් කරුවෙකු හා සවස් කාලයේදී තවත් වෙලාව සටහන් කරුවන් සිටින ස්ථාන තිබෙන බවද සඳහන් කළේය.

මේ අනුව මෙම දෙදෙනාටම යම් මුදලක් ලබා දීමට සිදුව තිබෙන බවත් මේ පිළිබඳව තොරුතුරු හෙළි කරන බස් හිමියන්ට ඇතැම් අවස්ථාවල විවිධ පාර්ශ්වවලින් තර්ජන පවා සිදු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කර බස් රථවලින් මුදල් ලබා ගන්නා වෙලාව සටහන් කරුවන්ට හා වෙනත් පාර්ශ්වයන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

க.பொ.த.சாதாரண தரப் பரீட்சை சான்றிதழ்கள் இன்று முதல்

Mohamed Dilsad

“Dark era will befall Tamil citizens if Gota elected” – CV

Mohamed Dilsad

Leave a Comment