Trending Newsඑසැන පුවත්දේශීය

බලපත්‍රලාභීන්ට දුන් ගිනි අවි සහ පතොරම්වලින් සියයට 85%ක් යළි බාර දීලා. – ආරක්ෂක අමාත්‍යාංශය

ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම සඳහා සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් නොවැම්බර් 21 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේය. කෙසේ නමුත් පසුව එම දිනය 2024 දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කළේය.

කිසියම් පුද්ගලයකුට ගිනිඅවි තවදුරටත් ළඟ තබාගැනීමට අවශ්‍ය නම් එම අවශ්‍යතාවය පැහැදිලි කරමින් ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණි.

එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනිඅවි පරික්‍ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමග අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසට ඔවුන්ට දැනුම් දී ඇත.

ජීවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක්ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එලෙස ගිනිඅවි ලබාදීමද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරන බව සඳහන්ය.

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත.

නියමිත දිනට පෙර සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේය.

Related posts

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

Mohamed Dilsad

“Reduction of MR’s security is not politically motivated” – Minister Sagala

Mohamed Dilsad

මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවට

Mohamed Dilsad

Leave a Comment