Trending Newsඑසැන පුවත්දේශීය

වෘත්තීය සමිති සභාපතිවරයෙක් ස්ථාන මාරු කරයි.

ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි වාර්තාවේ. එහි නව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇති බවද සඳහන්.

චන්දන බණ්ඩාර මහතා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ආයතනික ) ලෙස කටයුතු කරමින් සිටියේ කොළඹ 10 පිහිටි ලේක්හවුස් ප්‍රධාන කාර්යාලයේය. දෙසැම්බර් 12 දින සිට ඔහු ලේක්හවුස් ශාඛා කාර්යාලයක් වන කැළණිවැලි යාඩ් ශාඛා කාර්යාලයට ස්ථාන මාරු කර ඇත. රාජ්‍ය ආයතනයක විරුද්ධ පක්ෂ වෘත්තීය සමිති නායකයකු ස්ථාන මාරු කළ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන්.

එමෙන්ම, දෙසැම්බර් 11 වෙනිදා සිට වහාම ක්‍රියාත්මකවන පරිදි දිනමිණ කර්තෘ ධූරයෙන් මනෝජ් අබයදීර මහතා ඉවත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ  කර්තෘවරයෙකුට සිදුකරන සම්ප්‍රදායික දැනුම්දීමේ රාටවෙන් තොරව ඔහු එම තනතුරින් ඉවත් කර ඇතැයි සඳහන්.

එමෙන්ම මෙතෙක් සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ ද එම ධූරයෙන් ඉවත් කර ඇත. දිනමිණ නව කර්තෘවරයා වශයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන උප කතෘ ප්‍රදීප් දසනායක මහතාද, සිළුමිණ කර්තෘවරයා ලෙස දිනමිණ පුවත්පතේ හිටපු විශේෂාංග කර්තෘවරයෙක් වූ අනුර කේ. එදිරිසූරිය මහතා ද පත් කර ඇතැයි වාර්තා වේ.

Related posts

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළ ට

Editor O

கொழும்பு கோட்டையிலிருந்து நீராவிப்புகையிரதம்

Mohamed Dilsad

Leave a Comment