දේශීය

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු අද නැවතත් මෙරටට පැමිණියහ.  

ඒ , එම පුහුණු පාඨමාලාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීමෙන්.

මෙලෙස ගාල්ල වරාය වෙත ගෙන එන ලද පිරිස සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර බලා දින 14 ක නිරෝධායන ක්‍රියාවලිකයකට යොමු කිරීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: outdoor

Image may contain: one or more people, sky and outdoor

Image may contain: sky, ocean, outdoor, water and nature

Related posts

මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

ජාතික රෝහලේ මුදල් මංකොල්ලය සිදුකර ඇත්තේ වෛද්‍යවරයෙක්

Mohamed Dilsad

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment