විදෙස්

ලිහිල් කළ සීමා හේතුවෙන් චීනයේ කොරෝනා රෝගීන්ගේ වර්ධනයක්

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසයේ උපත සිදුවූ චීනයේ වෛරසය පැතිරීම අවම වීමත් සමග සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කොරෝනා වෛරස් රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ.

වුහාන් හි අගුලු ලිහිල් කිරීමෙන් පසු පළමු රෝගීයා අප්‍රේල් 03 වනදා වාර්තා වී ඇති අතර අද (11) වනවිට අලුතින් රෝගීන් 5ක් වාර්තා වී තිබේ. ඔවුන් එකම නේවාසික පරිශ්‍රයකින් වාර්තා වන බව බලධාරීහු පවසති.

අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ ජිලින් පළාත මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහල දමා ඇත. පළාතේ පුළුල් ලෙස රෝගය පැතිර යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

පසුගිය පැය 24 තුළ චීනයේ අලුතින් රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 28 වනදායින් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

ඒ අනුව මේ වනවිට චීනයෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 82 918ක් දකුවා ඉහල ගොස් තිබේ.

සීමාවන් ලිහිල් කිරීමෙන් පසු මිනිසුන් නිදහසේ ගමන් බිමන් යන විට ආසාදන වැඩි වීමට ඉඩ ඇති බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

Related posts

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

වැඩිම ප්‍රතිශතයකට කොරෝනා එන්නත දුන් රට බවට ඊශ්‍රායලය පත්වෙයි

Mohamed Dilsad

ඊයේ දින වැඩිම කොරෝනා රෝගීන් ගණන ඉන්දියාවෙන්

Mohamed Dilsad

Leave a Comment