Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ආචාර්යය අසෝක රංවල මහකා එල්ල වූ චෝදනා මත කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

නමුත් තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පවසයි. ට්විටර් සමාජ ජාල ගිණුමේ ඒ මහතා මෙම සටහන තබා ඇත.

“කථානායක අසෝක සපුමල් රංවල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය වුවත්, තවදුරත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායකය”

Related posts

“அமைச்சரவை கூட்டத்தில் தீர்மானம் மாற்றப்படலாம்”

Mohamed Dilsad

ஸ்ரீ.சு.கட்சியின் தொகுதி அமைப்பாளர்களின் கூட்டம் ரத்து

Mohamed Dilsad

‘This World Cup will be one of the best ever tournaments’ – Sangakkara

Mohamed Dilsad

Leave a Comment