Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් ගාස්තු දෙගුණයක් කිරීම නිසා සහල් ආනයනය අතහැර දමයි.

ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇතැයි වාර්තා වනවා. සහල් අර්බුදයට පිළියමක් ලෙස ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට මේ මස 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබේ.

කඩිනමින් සහල් ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට බහාලුමක් ආනයනය කිරීමේ දී අය කරන ලද ඩොලර් 300 ක නැව් ගාස්තුව ඩොලර් 600 ක් දක්වා ඉහළ දැමීමට නැව් සමාගම් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ආනයනකරුවෝ කියා සිටින්නේ, නැව් ගාස්තු ඉහළ දැමීම නිසා එක් බහාලුමකට රුපියල් 90,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවයි.

ඒ අනුව මේ මස 20 වැනිදාට පෙර සහල් බහාලුම් 2,500 ක් ආනයනය කිරීමට නියමිත වූවද, සහල් ආනයනය සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබීමත්, සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීමත්, නැව් ගාස්තු ඉහළ යෑමත් නිසා සහල් ආනයනය කිරීමේ දී පාලන මිල ද ඉක්මවා යනු ඇතැයි ද ආනයනකරුවෝ සඳහන් කරති.

එමෙන්ම සහල් ආනයනය කිරීමේ අවසන් දිනය වන්නේ මේ මස 20 වැනිදා නිසා, සහල් ආනයනික නැවක් මෙරටට පැමිණීමේ දී එදින මධ්‍යම රාත්‍රිය ඉක්මවා ගියහොත් ආනයනික සහල් තොග ආපසු හරවා යැවීමට සිදුවීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතින බවයි ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

Related posts

හරිනිගේ සහ පෝල්රාජ්ගේ අදහස් දැක්වීම් ඉතා දුර්වල සහ වගකීම් විරහිතයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

Tarantino’s “Once Upon” targets USD 30 million debut

Mohamed Dilsad

NCPA says no children be used for election activities

Mohamed Dilsad

Leave a Comment