Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ජනාධිපතිව සිටි කාලයේ මාස 04 ක ට, වෙන් කළ ට්‍රිලියන 1.4 මුදලම අනුරත් වෙන් කරගෙන. මොකද්ද වෙනස…? සජබ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා ට ද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් එම මහතා පැවසුවේ එසේ වෙන්කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4ක් බවයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට “2024 දී වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ, ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි. අපි සජබ ය කිව්වා එම ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”

Related posts

පොහොට්ටුවට පණ දෙන්න බැසිල් යළි ලංකාවට ?

Mohamed Dilsad

Police officer shoots himself

Mohamed Dilsad

Meek Mill: US rapper gets new trial after 11 years

Mohamed Dilsad

Leave a Comment