Trending Newsඑසැන පුවත්දේශීය

දෙසැම්බර් 10 ට පෙර වාර්ෂික ප්‍රසාද දීමනා ඕන. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඉල්ලති.

තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දීමට කටයුතු කරන මෙන් ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමයේ ලේකම්, රංජන් ජයලාල් ලංකා මහතා සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවයි.

එම තත්වයට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම වෙනුවට එය ආයතනයට පාඩු නොකළ සේවකයන් මත පැටවූයේ ප්‍රසාද දීමනාව ලබා දිය නොහැකි යන්න පැවසීමෙන් බවයි, ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ප්‍රසාද දීමනාව ලබා දීමේ දී සියලු සේවකයින් හා නිලධාරීන්ට සමාන මුදලක් ලබා දීමට ද කටයුතු කළ යුතු බවයි.

Related posts

கிளிநொச்சி ஜேர்மன் பயிற்சி நிறுவனத்துக்கு 110 மில்லியன் நவீன உபகரணங்கள்

Mohamed Dilsad

Oman opens doors for Sri Lanka exports to enter Gulf market

Mohamed Dilsad

Navy arrests 2 individuals with ‘Beedi’ leaves

Mohamed Dilsad

Leave a Comment