Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ඇමති හරින් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක්

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාතවරයා පැවසුවේ සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් සකසන්නේ අමාත්‍යාංශ ලේකම් වන අතර අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පසුව මුදල අමාත්‍යාංශයේ නිර්දේශ මත ඊට අනුමැතිය හිමිවන බවයි හෙතෙම කීවේය. ඒ අනුව ඊට අමාත්‍යවරයා වගකිව යුතු යැයි තමන් විශ්වාස නොකරන බව ඔහු සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය. ” කැබිනට් මණ්ඩලය දවසකට පත්‍රිකා 60ක් 70ක් දානවා. ඒ අමාත්‍යාංශවල ලේකම්වරු තමයි ඒවා හදල ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයා කැබිනට් එකට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ ගන්නවා. ඕක තමයි සාමාන්‍ය දේ. ලංකා ඉතිහසයේ කවදාවත් වෙලා නැති දෙයක් මේ. නමුත් අපි අධිකරණයට ගරු කරලා අපි දන්නා දේවල් ටික කියන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.

Related posts

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

Mohamed Dilsad

Water filling of Kalu Ganga-Moragahakanda commenced

Mohamed Dilsad

Sri Lankan refugee given inadequate care before death

Mohamed Dilsad

Leave a Comment