Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ අය දේශපාලන වේදිකාවල දුන් පොරොන්දු ඉටු කර ජනතාවට සහන සැලසිය යුතුයි. – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙන්නට ඉඩනොදී ආරක්ෂා කර ගැනීම සඳහා සමගි ජන බලවේගය පෙනී සිටිමින්,, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා නිවැරැදි තීරණ සඳහා සහයෝගය ලබාදීමත්, වැරැදී තීරණ සඳහා විරෝධය දක්වමින් ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා , අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද කීවේය. ජනතාවගේ ඡන්දයෙන් වත්මන් ආණ්ඩුවට කැපී පෙනෙන බහුතර බලයක් ලබාදී තිබෙනවා. ජනතාව කාලයෙන් කාලයට තීන්දු ගන්නවා. එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවේ ප්‍රධාන ලක්ෂණයක්.ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් ලබාදී තිබෙන ඡන්ද ප්‍රතිඵලය පිළිගන්නවා. 1956 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 8ට බැස්සා, 1970 එක්සත් ජාතික පක්ෂය 17ට බැස්සා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 08ට බැස්සා එවැනි ඉතිහාසයක් අප පසුකර විත් තිබෙනවා. අද අපේ මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවත් එක්ක 40ක් පත්වී සිටිනවා. එම නිසා අපි ශක්තිමත් විපක්ෂයක් ලෙස අපේ කාර්යය කරනවා. ඒවගේම ඉදිරියේදි ආණ්ඩුව ගන්න ජනතාවාදී තීන්දු තීරණවලට සහාය දක්වමින් ඔවුන් යන ගමන දෙස බලා ඉන්නවා. ආණ්ඩුව කුමනාකාරයෙන් කටයුතු කරාවිදැයි කියන්න අපට බැහැ. ඒ සඳහා යම් කාලයක් ගතවේවි. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ජනතාවාදී පාලනයක් ගෙන යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

Editor O

Sahar Tabar: Iranian Instagram star ‘arrested for blasphemy’

Mohamed Dilsad

කොරෝනා මර්දන රාජකාරී සඳහා රැකියා විරහිත උපාධිධාරින්

Mohamed Dilsad

Leave a Comment