Trending Newsඑසැන පුවත්දේශීය

පීටර් බෘවර් සහ ජනාධිපති අනුර අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය එකඟවී ඇති වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව සඳහන්.. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වන විට එකඟවී එහි වාරික දෙකක් ලබාගෙන තිබේ.

එම ණය මුදලේ තුන්වෙනි වාරිකය ලබා ගැනීම සඳහා ඵලදායි සාකච්ඡා වටයක් පැවැත්වීමට අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ තිබේ. පසුගිය දා නිමාවට පත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තුනෙන් දෙක ඉක්මවූ බහුතර බලයක් හිමි කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සුවිශේෂී තත්ත්වයකි. මීට පෙර අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල ජන වරමක් අහිමි දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් නොතිබූ ආණ්ඩුවක්ය.

Related posts

விபத்தில் காவற்துறை அதிரடி படையில் பணிபுரிந்த உத்தியோகத்தர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

நாட்டின் சில இடங்களில் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

வனவிலங்கு துறை அதிகாரிகள் அர்ப்பணிப்பு கடமையில் இருந்து விலகல்

Mohamed Dilsad

Leave a Comment