Trending Newsඑසැන පුවත්දේශීය

මාස නවයට අල්ලස් ගැනීමේ සිද්ධිවලට 67ක් සැකපිට අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් මෙම වසරේ ගතවූ මාස 9 තුළ කළ වැට­ලීම් 81කින්,  පුද්ග­ල­යන් 67 දෙනෙකු සැකපිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කියයි.

මෙම වසරේ ගතවූ මාස 09තුළ පැමි­ණිලි සංඛ්‍යාව 3,045ක් ලැබුණ බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් අල්ලස් පැමි­ණිලි 259ක්, දූෂණ පැමි­ණිලි 466ක් හා අයුතු වත්කම් ඉපැ­යීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 86ක් ලැබී ඇතැයි සඳහන්.

අල්ලස් පන­තට අදාළ නොවීම සහ ප්‍රමා­ණ­වත් කරුණු නොති­බීම යන කරුණු හේතු­වෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමි­ණිලි අත­රින් 810ක් පිළි­බඳ විම­ර්ශ­නය නොකි­රීම සඳහා නියෝග ලැබී ඇති බවද කොමි­සම පැවැ­සීය. ලැබී ඇති පැමි­ණිලි අත­රින් නඩු පැව­රීම සඳහා ගොනු 124ක් යෝජනා වී ඇති බවත් ප්‍රකාශ සට­හන් කිරී­මට ගොනු 30ක් තිබෙන බවද කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

නිමල් ලංසාට ඇප

Editor O

Sri Lankan PM to visit India to wrap-up agenda for Premier Modi’s visit to Colombo

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයා පත් කරයි.

Editor O

Leave a Comment