Trending Newsඑසැන පුවත්දේශීය

මාස නවයට අල්ලස් ගැනීමේ සිද්ධිවලට 67ක් සැකපිට අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් මෙම වසරේ ගතවූ මාස 9 තුළ කළ වැට­ලීම් 81කින්,  පුද්ග­ල­යන් 67 දෙනෙකු සැකපිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව කියයි.

මෙම වසරේ ගතවූ මාස 09තුළ පැමි­ණිලි සංඛ්‍යාව 3,045ක් ලැබුණ බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් අල්ලස් පැමි­ණිලි 259ක්, දූෂණ පැමි­ණිලි 466ක් හා අයුතු වත්කම් ඉපැ­යීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 86ක් ලැබී ඇතැයි සඳහන්.

අල්ලස් පන­තට අදාළ නොවීම සහ ප්‍රමා­ණ­වත් කරුණු නොති­බීම යන කරුණු හේතු­වෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමි­ණිලි අත­රින් 810ක් පිළි­බඳ විම­ර්ශ­නය නොකි­රීම සඳහා නියෝග ලැබී ඇති බවද කොමි­සම පැවැ­සීය. ලැබී ඇති පැමි­ණිලි අත­රින් නඩු පැව­රීම සඳහා ගොනු 124ක් යෝජනා වී ඇති බවත් ප්‍රකාශ සට­හන් කිරී­මට ගොනු 30ක් තිබෙන බවද කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

இன்று இரண்டாவது நாளாகவும் தொடர்கிறது புகையிரத பணிப்புறக்கணிப்பு

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணி இன்று இங்கிலாந்து பயணம்

Mohamed Dilsad

සිරිපා සමයේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 150 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment