Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පාඨලී චම්පික හදිසියේ ගත් තීරණය

පාඨලී චම්පික රණවක නායකත්වය දරන ජනරජ පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව, අද (10) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සහ තම පක්ෂය ජනාධිපතිවරණ සම‍යේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව මහ මැතිවරණයේදී නාම යෝජනා ක්‍රියාවලියේදී දැඩි අසාධාරණයක් වීම නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බවද හෙතෙම කීවේය. තම පක්ෂයයේ අපේක්ෂකයන් දිස්ත්‍රික්ක 11කින් සමගි ජන සන්ධනයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබුණද, නාමයෝජනා ලබාදීම සමගි ජනබලවේගය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තීරණය ගත් බවද හෙතෙම කීවේය.

එමෙන්ම වැඩිදුරටත් කරුණු ඉදිරිමත් කළ පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මහ මැතිවරණයේදී ජනතාව විසින් නිවැරදිම පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි .

එක්සත් ජනරජ පෙරමුණ මේ සම්බන්දයන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

Related posts

China decides to shelve plans of lifting ban on trade of rhino horn, tiger parts

Mohamed Dilsad

ஒன்றிணைந்த எதிர்கட்சி சுயாதீனமாக செயற்படுவோம் என்று தெரிவித்துள்ளமை வெறும் நாடகமே

Mohamed Dilsad

කොළොන්නාව හෙල්ලු වෙඩිල්ල

Mohamed Dilsad

Leave a Comment