Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක ගෑස් සිලින්ඩරය, වන්නියට සහ නුවරඑළියට අලියා එයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයකට ගෑස් සිලින්ඩරයෙන් නාම යෝජනා බාර දීමටත්, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයට අලියා ලකුණින් නාම යෝජනා බාර දීම සඳහාත් සාකච්ඡා කරමින් සිටින බව, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා එසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා : එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් නාම යෝජනා සැකසීමේ කටයුතු සිදු කරනවා.. මේ සතිය මැද වනවිට එහි සියලු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රට පුරා දිස්ත්‍රික්ක 20කට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන්නත්, වන්නි ප්‍රදේශයට අලියා ලකුණ යටතේ තරග කරන්නත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණ යටතේ තරග කිරීමටත් අදහස් කර තිබෙනවා. මේ පිළිබඳ අවසන් එකඟතාවට ඉදිරි දින කිහිපයේදී පැමිණෙන බවද අබේවර්ධන මහතා කීවේය.

Related posts

පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් අයියකච්චි ප්‍රදේශයෙන් හමුවේ

Mohamed Dilsad

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

Mohamed Dilsad

Pujith, Hemasiri further remanded

Mohamed Dilsad

Leave a Comment