දේශීය

පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් අයියකච්චි ප්‍රදේශයෙන් හමුවේ

(UTV | කොළඹ) – කුලී ගමනක් යන මුවාවෙන් ගෙනැවිත් පැහැරගත් මෝටර් රථයක් කිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ කැලෑවක් ආසන්නයේ දමා තිබියදී ඊයේ (14) සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ, කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථයක කුලී ගමනක් යන මුවාවෙන් ගෙනැවිත් රියැදුරාට පහරදී රැගෙන ගොස් ඇති බවට අනාවරණවී ඇති බවය.

සැකකරුවන් කුමන කටයුත්තක් වෙනුවෙන් අදාළ මෝටර් රථය පැහැරගත්තේ දැයි සොයා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළේ ය.

වයස අවුරුදු 25ක් පමණ වයසේ තරුණයින් දෙදෙනෙකු අදාළ මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇති බව ද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

වාහනය පැහැරගත් තරුණයින් සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන අතර සොයාගත් වාහනය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදා පරීක්ෂා කළ බවද පොලිසිය පැවසීය.

සොයාගත් මෝටර් රථය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

රු මිලියන 60ක කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

Leave a Comment