දේශීය

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවය.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට යළි වැඩ

Mohamed Dilsad

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රවාහන සංගම් හා ඇමති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment