Trending Newsඑසැන පුවත්දේශීය

මද්‍යසාර නිසා රෝගීන්වන අයට, ප්‍රතිකාර සඳහා, වසරකට රු. බිලියන 237ක් රජය වැය කරනවා – ඇඩික් විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්

මද්‍යසාර භාවිතා කිරීම නිසා රෝගී වූවන් වෙනුවෙන්, රජය වසරකට වැය කරන, සෞඛ්‍ය හා ආර්ථික වියදම රුපියල් බිලියන 237ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය – ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා ප්‍රකාශ කරයි.

මද්‍යසාර හේතුවෙන් ලෝකය පුරා, වසරකට පුද්ගලයන් ලක්ෂ 30කට ආසන්න පිරිසක් අකාලයේ මිය යන අතර,  ලොවපුරා සිදුවන වළක්වාගත හැකි මරණ 10න් 08කට හේතු වන්නේ බෝනොවන රෝග බවත් ඒ මහතා සඳහන් කරයි. බෝනොවන රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක 04න් 01ක් ලෙස මද්‍යසාර භාවිතය හේතුවන බවද හෙතෙම කීවේය. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජීය වශයෙන් ගැටලු රාශියකට රටක් ලෙස අප මුහුණදීමට සිදුවන අතර, මද්‍යසාර භාවිතය නිසා ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මියයන බවත් හෙතෙම සඳහන් කළේය. මෙය වසරකට 15,000ත් 20,000ත් අතර මරණ සංඛ්‍යාවක් බවද ඔහු කියා සිටියා.සේරම් මහතා කීවේය.

සුරාබදු නිසා රජයට රුපියල් බිලියන 165ක ආදායමක් 2022 වර්ෂයේ දී උපයා ගෙන තිබුණද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මගින් 2023 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව මද්‍යසාර භාවිතය නිසා අප රටට දැරීමට සිදුවූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් බව අනාවරණය වී ඇතැයි සම්පත් සේරම් මහතා කීවේය.

Related posts

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ETCA ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment