දේශීය

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

(UTV | කෝවිඩ්-19) – මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 7500 දෙනෙකුට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (12) දිනයේ ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 242 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැදී සිටි පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.

තවත් පුද්ගලයින් 3700ක පමණ පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක් තුළ රැදී සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

 

Related posts

රටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Editor O

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට දීමෙන් රජයට මාස 04ට කෝටි 21ක ඉතිරියක්

Mohamed Dilsad

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ දෙකකට නව ‍ප්‍රධානීන්

Mohamed Dilsad

Leave a Comment