දේශීය

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

(UTV | කෝවිඩ්-19) – මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 7500 දෙනෙකුට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (12) දිනයේ ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 242 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැදී සිටි පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබේ.

තවත් පුද්ගලයින් 3700ක පමණ පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක් තුළ රැදී සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

 

Related posts

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

Mohamed Dilsad

ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි විරෝධයක්

Editor O

Leave a Comment