Trending Newsඑසැන පුවත්දේශීය

කැබිනට් තනතුරු ගැන හරිනි කළ ප්‍රකාශය

කැබිනට් මණ්ඩලයේ පත් කිරීම් අද දින සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශය කළාය. අනුර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය එසේ පැවසුවාය.

හරිනි අමරසූරිය මහත්මිය මෙසේ ද කීවාය. තත්ත්වය හොඳයි. අනුර සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. අපි වැඩ පටන් ගන්නවා ඉතාමත් ඉක්මණින්. අද මොකුත් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට වැඩ කරගෙන යනවා. අද කැබිනට් තනතුරු සම්බන්ද පත් කිරීම් කරන එකක් නැහැ.

අගමැති ධූරය සඳහා කවුරු පත්කරනවා දැයි තාමත් තීරණයක් අරන් නැහැ. හිටපු අගමැතිතුමා ඉල්ලා අස්වුණා. එම පුරප්පාඩුව පුරවන්න ඕනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණායින් පස්සේ තමා අපේ කැබිනට් එක පත් කරගන්නේ. කැබිනට් මණ්ඩලය සිව්දෙනෙක්ගෙන් සමන්විත වේවි. ඒ ගැන ඉදිරි කටයුතු හෙට (24) දිනයේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. යැයි ද කීවාය.

Related posts

President promotes 38 Senior Army Officers to their next rank

Mohamed Dilsad

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

மொஹமட் சஹ்ரானின் சகோதரி கைது

Mohamed Dilsad

Leave a Comment