Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් 14 වෙනිදායින් පසු කළ යුතු දේ.

එළඹෙන 14 වෙනිදා වන විට, ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් ස්ථීර පදිංචිකරුවන්ට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේන්ම්, තමන්ට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

අනන්‍යතාව තහවුරු කළ හැකි, හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගන්නා ලෙස නියෝජ්‍ය තැපැල්පතිවරයා ඉල්ලීමක් කරයි. මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට එය ලබා ගත හැකිය.

මේ වන තෙක් මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන් බවත්, සෙසු ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ බෙදා හරින බවද, නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කරයි.

Related posts

ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු

Mohamed Dilsad

பல்வேறு இன்னல்களுக்கு உள்ளான 122 இலங்கை பெண்கள் நாடு திரும்பினர்

Mohamed Dilsad

Term of PCOI on Mihin Lanka, SriLankan extended

Mohamed Dilsad

Leave a Comment