Trending Newsඑසැන පුවත්දේශීය

මාස අටක දී සංචාරකයින් ලක්ෂ 14ක් ඇවිත්

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ අනූපන් දහසක් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773කි. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවලින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබේ. පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,487,303ක් විය. රට මෙපරිදි යහපත් තත්ත්වයේ තිබුණහොත් එය මාස 10 තුළ ඉක්මවා යා හැකි බවද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

Related posts

Khuram Shaikh Murder: Appeal by convicts to be heard next year

Mohamed Dilsad

‘புலதிசி’ ரயில் சேவை இன்று முதல் ஆரம்பம்

Mohamed Dilsad

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

Mohamed Dilsad

Leave a Comment