දේශීය

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

(UTV | කොළඹ) – ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා පවසා ඇති බවට වාර්තා විය.

මේ බව ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා පැවැති හමුවකදී සදහන් කර ඇත.

තවද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව අගය කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන්ට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය, ආණ්ඩු­වට නොපෙ­නීම වාසි­යක් – හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න

Editor O

මනෝ ගනේෂන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්…!

Editor O

Leave a Comment