Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය, ආණ්ඩු­වට නොපෙ­නීම වාසි­යක් – හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න

විප­ක්ෂයේ උපා­ය­මා­ර්ගය සහ මැති­ව­රණ කාල­සීමා, විපක්ෂයේ දේශ­පා­ලන ශක්තිය ආණ්ඩු­වට නොපෙ­නීම අපට ලැබුණු වාසි­යක් යැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා පව­සයි.

“විශ්වා­ස­භං­ගය කියන්නේ මේ ආණ්ඩු­වට විරෝ­ධය පළකිරීමක්. එයට ඉතා­මත් සාධා­රණ නිමි­ත්තක් තියෙනවා.. අග­මැ­ති­නිය අධ්‍යා­පන ඇමැ­ති­ව­රිය ලෙස ගෙන යන මේ වැඩ­පි­ළි­වෙළ දරු­වන්ගේ අනා­ග­ත­යට හානි­කර බවත්, මෙය රටේ මවු­පි­යන් සහ පුර­වැ­සි­යන් වෙනු­වෙන් කරන මැදි­හ­ත්වී­මක්.

බහු­තර බල­යක් ඇති ආණ්ඩු­වක් හමුවේ විශ්වා­ස­භං­ග­යක් ජය­ග්‍ර­හ­ණය කිරීම අප­හසු වුවත් එය මහ­ජන විරෝ­ධය ප්‍රකාශ කරන සහ අද­හස් දැක්වී­මට අව­ස්ථාව ලබා­දෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන මෙව­ල­මක් ලෙස භාවිත කරනවා..

ආණ්ඩු­වට යම් දේශ­පා­ලන සවි­ඥා­න­යක් තියෙ­නවා නම් සහ දුන් පොරොන්දු මත­කයේ තියෙ­නවා නම්, ආණ්ඩු­වට යම් තීර­ණ­යක් අග­මැ­ති­නිය සම්බ­න්ධ­යෙන් ගන්න වෙනවා. නමුත් ඇයව එම තන­තු­රට පත්කළේ කොහො­මද කියා ආණ්ඩුව දන්නේත් නැතිව ඇති. ඒ ගැන අද­හ­සක් නෑ. කෙසේ වෙතත් අපි විරෝ­ධය පළ කර­නවා”

ඔහු මේ බව සඳ­හන් කළේ විශේෂ මාධ්‍ය හමු­වට සහභාගි වෙමිනි. .

Related posts

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

நயன்தாராவிற்கு இந்த மாதத்திலா நிச்சயதார்த்தம்,டும் டும் டும்?

Mohamed Dilsad

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment