කලා

සම්මානනීය ගායකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

(UTV |  පන්ජාබ් ප්‍රාන්ත) – ජනප්‍රිය ගායකයෙකු සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන 28 හැවිරිදි සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පන්ජාබ් ප්‍රාන්තයේ මැන්සා දිස්ත්‍රික්කයේදි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිධූ මූස්වාලා සමග පැවති දේශපාලන එදිරිවාදිකමක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට ඉන්දීය පොලීසිය සැක පළ කරයි.

කැනඩාවේ ලෝරන්ස් බිෂ්නෝයි නම් අපරාධ කල්ලියේ සාමාජිකයෙකු විසින් මෙම ඝාතනයේ වගකීම භාරගෙන ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්වීමෙන් පසු එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් මූස්වාලා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගත්තද, පසුව ඔහුගේ ආරක්ෂාව අඩු කිරීමට ප්‍රාන් රජය පසුගියදා පියවර ගෙන තිබුණි.

Related posts

කංගනා හොඳම නිළිය වෙයි

Mohamed Dilsad

කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා

Mohamed Dilsad

සිනමා කර්මාන්තය විනෝද බද්දෙන් නිදහස්

Mohamed Dilsad

Leave a Comment