Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සැප්තැම්බර් 02දා

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශනය එළ­ඹෙන සැප්තැ­ම්බර් මස 02 වැනිදා ජන­ගත කිරී­මට නිය­මි­ත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එම පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජ­පක්ෂ මහතා රට හමුවේ ඉදි­රි­පත් කරන ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ මුල් පිට­පත ඊයේ (30) දහ­වල් සුබ මොහො­තින් එම පක්ෂයේ නායක සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා වෙත පිළි­ගැ­න්විණි. අභි­යෝග ජය ගනි­මින් අනා­ගත පර­පුරේ හෙට දවස සෑම අංශ­යක් ඔස්සේම සංව­ර්ධ­න දැක්ම එහි ඇතුළත්ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය තුළින් රටේ සංව­ර්ධ­නය සහ තරුණ තරු­ණි­යන්ගේ අනා­ග­තය සම්බ­න්ධ­යෙන් ගනු ලබන ක්‍රියා­මාර්ග සහ පව­තින අභි­යෝග පරදා රට ඉදි­රි­යට ගෙන යන වැඩ­පි­ළි­වෙළ ඇතු­ළත් කර තිබෙන අතර, එම සැල­සුම් නියත වශ­යෙන්ම ක්‍රියා­වට නංවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට එන ලකුණු

Mohamed Dilsad

Police to tackle drunk driving during festive period

Mohamed Dilsad

Leave a Comment