දේශීය

 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ විභාගය අද (01) සිට ලබන 10 වැනිදා තෙක් පැවැත්වෙන බවයි.

මධ්‍යස්ථාන 4,513 කදී, අයදුම්කරුවන් 622, 352 ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති.

මෙම විභාගය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම් සැළකිල්ලට ගෙනයි අද දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාතයංශය තීරණය කළේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විශේෂිත මධ්‍යස්ථාන 40 ක්ද සූදානම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

නිරෝධායනය වන සිසුන් වෙනුවෙන් මෙවර සෑම විභාග මධ්‍යස්ථානයකම ශාලාවක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

මෙවර විභාගයට කොරෝනා අසාදිත ළමුන් 24 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

 

 

Related posts

ග්‍රාම නිළධාරීන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉල්ලයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

කොටගල රත් කළ ගින්න

Mohamed Dilsad

Leave a Comment