දේශීය

රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

(UTV |මාතර) – අද අලුයම මාතර, දික්වැල්ල මාර්ගයේ ගොඩඋඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැව්රුකන්නල ප්‍රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ඔහු යතුරුපැදියෙන් යමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බතීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

Mohamed Dilsad

පූජිත් – හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment