Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවක දෛනික රුපියල් 1,700 ලෙස ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය, පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් ඊයේ (13) ප්‍රකාශයට පත් කර තිබේ.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. ඊට අමතරව ඵළදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද එහි සඳහන්. මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, සහ විරෝධතා සඳහා හේතු සහිත ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා තිබේ.

එම ගැසට් නිවේදනය පහතින් බාගත කළ හැක.

2397-27_S

Related posts

President invites all to commit to achieve goals of national unity & religious reconciliation with dawn of development across the island

Mohamed Dilsad

හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ මෛත්‍රීපාලත් යයි.

Editor O

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment