Trending Newsඑසැන පුවත්දේශීය

මනූෂ වෙනුවට බන්දුලලාල් – හරින් වෙනුවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ කවුද..?

(UTV | කොළඹ) –

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තු මහලේකම් කුෂානී රෝහණධීර මහත්මිය සඳහන් කළාය. එකී මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව මෙතෙක් පාර්ලිමේන්තුවට ලැබී නැති බවත්,  හෙට 11 දින, එම අධිකරණ තීන්දුව ලබාගෙන, මැතිවරණ කොමිසම දැනුවත් කරන බව, ඇය සඳහන් කළාය.

මේ අතර මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරයට, සමගි ජන බලවේගයේ මනාප ලැයිස්තුව අනුව, බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට නියමිතයි.

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඉදිරියේදී අයෙකු නම් කරන බවයි සමගි ජන බලවේගය සදහන් කළේ. මේ එම මන්ත්‍රිධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් පරාද වූ සහ අධිකරණයෙන් වරදකරුවෙක් කරන ලද අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් නොකරණ තීරණක් මීට පෙර අවස්ථාවල සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන තිබිණ. හිරුණික ප්‍රේමචන්ද්‍ර බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිට අධිකරණයෙන් ඇප ලබා සිටින්නියකි.

Related posts

Fitch Ratings நிறுவன பொருளாதார மதிப்பீட்டை இலங்கை நிராகரிப்பு

Mohamed Dilsad

England beat Sri Lanka by 30 runs in T20 international

Mohamed Dilsad

Father and three others further remanded for feeding alcohol to toddler

Mohamed Dilsad

Leave a Comment