Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලා

(UTV | කොළඹ) –

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි. පසුගිය වසරේ ජූලි මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහළ ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වූ දා සිට 2024 ජූලි දක්වා වූ කාලයේ දී විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් යැයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හයක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබුණි.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

Related posts

ஆசிய உலக பொருளாதார மாநாட்டில் பிரதமர் இன்று உரை

Mohamed Dilsad

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

Qatar sees no need for emergency evacuation of Sri Lankans

Mohamed Dilsad

Leave a Comment