Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්

(UTV | කොළඹ) –

අධිකරණ ඊයේ (09) නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිදු නොකරන බව  සමගි ජන බලවේගය සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්. මෙහිදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී අනෙකුත් පක්ෂවලටද පූර්වාදර්ශයක් ලබාදීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගත් බවද සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහාම මෙම පුරප්පාඩු පිරවීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව සඳහන්.

Related posts

ஹட்டன் – கொழும்பு பிரதான வீதியில் நிலம் தாழிறக்கம்

Mohamed Dilsad

කොටුගොඩ ධම්මාවාස නා හිමිගේ ආදාහන පූජෝත්සවය අද – විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment