Trending Newsදේශීය

ජනාධිපති ලේකම්ට වන්දි ගෙවන ලෙස රජයට නියෝගයක්

(UTV | කොළඹ) –

ජනපති ලේකම්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක් නිකුත් කර තිබෙනවා. දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව කරන ලද නිර්දේශ බලාත්මක කිරීම අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) නියෝග කර තිබෙනවා.

මෙම කොමිසමේ සභාපතිත්වය දරණ ලද්දේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින්. එවකට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට එරෙහිව කරන ලද සියළු නිර්දේශ අවලංගු කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 150,000.00 ක මුදලක් ඒකනායක මහතාට ගෙවන ලෙසද රජයට නියෝග කළහ.

විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන ලද අතර නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ රාධා මාලවිකා කුරුවිට බණ්ඩාර, නීතිඥ ශලිනි වීරරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.

Related posts

Buddhist clerics calls for programme to educate, eliminate misconceptions of Wilpattu issue [VIDEO | PICTURES]

Mohamed Dilsad

அவசர தகவல்களுக்காக இராணுவத் தலைமையகத்தை தொடர்பு கொள்ளவும்

Mohamed Dilsad

பலாலியில் தரையிறங்கிய இந்திய விமானம்

Mohamed Dilsad

Leave a Comment