Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපති

(UTV | කොළඹ) –

අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ ත්‍රිකුණාමලය හෝටල් සංගමය විසින් ත්‍රිකුණාමලය බීච් රිසෝට් හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමිනි.

ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද විස්තර කළේය.

එම සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණ හෝටල් රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ත්‍රිකුණාමලය සංචාරකයන්ගේ ආකර්ශනීය  ගමනාන්තයක් බවට  පත් කිරීමේ දී හෝටල් සංගම්වලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

Related posts

மியன்மாரின் புதிய ஜனாதிபதியாக வின் மியின்ட்

Mohamed Dilsad

Manju Sri Arangala passes away

Mohamed Dilsad

Lebanese novelist, feminist Emily Nasrallah dies at 87

Mohamed Dilsad

Leave a Comment