Trending Newsඑසැන පුවත්දේශීය

අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමාගේ හැසිරීම ගැන කණගාටුයි – හර්ෂණ රාජකරුණා

අජිත් මාන්නප්පෙරුමගේ හැසිරීම කණගාටුදායක බවත්, ඔහු පක්ෂ නායකවරයාට බනිමින් ඉවත් වී ඇත්තේ
ජනතා විරෝධයත් සමග තමන් ඉදිරිපිට පවතින අභියෝගයට මුහුණ දිය නොහැකි නිසා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. බියගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී හිටපු මන්ත්‍රීවරයා එම අදහස් පළකළේය.

රාජකරුණා මහතා මෙසේ ද කීවේය. ”පසුගිය මැතිවරණයේ දී කටයුතු කළ ආකාරය අනුව අජිත් මාන්නප්පෙරුමට නාම යෝජනා හෝ ලබා නොදෙන ලෙස ඉල්ලීම් මතුවෙමින් තිබෙද්දී ඔහුට නාම යෝජනා ලබා දුන්නේ ත සමගි ජනබලවේගයේ නායකවරයා සහ තමන් ද පුද්ගලිකව මැදිහත් වෙලා. අජිත් මාන්නප්පෙරුම මැතිතුමා තරගයෙන් ඉවත් වුණාලු. මට ඉතාම කණගාටුයි කියන්න පහුගිය ජනාධිපතිවරණයේ දි එතුමා කටයුතු කරපු ආකාරය දැකලා මේ පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් පක්ෂයේ ප්‍රධානීන් විශාල ප්‍රමාණයක් ඔහුට නාම යෝජනා ලබා නොදිය යුතුයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. අජිත් මාන්නප්පෙරුම මහතා මේ තීරණය ගැනීම අනුමතකරන්න බැහැ. මොකද තවත් එක්නෙකුට අවස්ථාවක් ලබා දෙන්න තිබ්බා. සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ඉල්ලන්න විශාල ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත්කර තිබුණා.

ජනතාවට සේවය කරන්න ආසන සංවිධායකවරයෙක් ද නැද්ද කියන එක අදාළ නෑ.. මේ මැතිවරණයට මුහුණ දෙන්න ඒ ශක්තිය තිබිය යුතුයි. හැබැයි මම හිතන්නේ ඒ ජනතාවගේ පැත්තෙන්ම ආපු විරෝධය නිසාම වෙන්න ඕන එතුමා මේ වගේ තීන්දුවක් ගන්න ඇත්තෙ. දැන් ඒක පක්ෂයේ නායකත්වයටවත් එහෙම නැතිනම් වෙනත් කාටවත් චෝදනා කරලා වැඩක් නෑ.

Related posts

මේ වසරේ පළමු මාස 06ට රියඅනතුරුවලින් 2000ක් ජීවිතක්ෂයට

Editor O

‘Na’ tree planted to celebrate Indonesia – Sri Lanka diplomatic relations

Mohamed Dilsad

“I was forced out of retirement” – MR

Mohamed Dilsad

Leave a Comment