Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය.

මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්ය.

එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

Democratic YouthNET exits from Democratic People’s Front [VIDEO]

Mohamed Dilsad

රට ගොඩනගන ප්‍රයෝගික වැඩපිළිවෙලත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමත් සමගි ජනබලවේගය සතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්

Editor O

Leave a Comment