Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය.

මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්ය.

එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

தூத்துக்குடி துப்பாக்கி சூட்டை கண்டித்து உரிமையாளர் வீட்டின் முன் தமிழர்கள் போராட்டம்

Mohamed Dilsad

Louvre evacuated as soldier reportedly shoots at armed man – latest from Paris – [VIDEO]

Mohamed Dilsad

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment