Trending Newsඑසැන පුවත්දේශීය

අගාධයේ තිබූ රට ඔසවා තැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්

(UTV | කොළඹ) –

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

பட்டதாரிகளின் பிரச்சினை தொடர்பில் எதிர்க்கட்சித் தலைவரின் சபை ஒத்திவைப்பு வேளை பிரேரணை

Mohamed Dilsad

වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක්

Mohamed Dilsad

මැනිං තොග වෙළඳපොල විවෘත කිරීම කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment