Trending Newsඑසැන පුවත්දේශීය

දෘෂ්‍යාබාධිත ප්‍රජාව ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්

(UTV | කොළඹ) –

එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ‍විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය.

මේ අතර ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය.

මැතිවරණයේදී අනන්‍යතාව පැහැදිලිව තහවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇගිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව ලබාදී තිබූ නිර්දේශය පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.

ඇඟිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමෙන් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වන බව මෙහිදී කරැණු සාකච්ඡා විය.මැතිවරණ පනත සංශෝධනයට අදාළ සියලු යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

Related posts

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Hong Kong police evict protesters who stormed parliament

Mohamed Dilsad

தென் ஆப்பிரிக்காவில் அரசியல் நெருக்கடி

Mohamed Dilsad

Leave a Comment