Trending Newsඑසැන පුවත්දේශීය

පාස්පෝට් කන්තෝරුව අසළ උණුසුම් තත්ත්වයක්.

(UTV | කොළඹ) –

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබේ. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා නිවේදනය කර තිබුණි.

ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතුය. කෙසේවෙතත්, අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.

එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරු එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් හට ගෙන තිබූ බවද වාර්තා වේ.

Related posts

Thirty-one suspects including ‘Makandure Madush’, Amal and Nadeemal remanded

Mohamed Dilsad

ரயில் பணிப்புறக்கணிப்பு – இன்று விசேட அமைச்சரவைக் குழுக் கலந்துரையாடல்

Mohamed Dilsad

Racist attack against SL in Liverpool, UK

Mohamed Dilsad

Leave a Comment